එළිය කරන්නට මා ලොව සරසාලා
කතරට ගියේ ඇයි අම්මේ මා දාලා
සෙනෙහේ ඔබේ සයුරයි ඇති දිය පිරිලා
මං ලොකු වැඩිද කිමිදෙන්නට එහි නාලා
තාත්තා කියන්නේ හිස අතගාලා
උකුලේ තියන් නාඩන් අම්මා ඉල්ලා
නියඟය ඉරි අඳී පොළවේ පායාලා
හිස මා තෙමුණෙ කොහොමද වැහි පොද වැටිලා
ඔබේ සුවඳ නැහැ රට සළුවල ගාලා
කැවූ බතේ රස නැහැ හුරතල් කරලා
මගේ පුතේ හඬ පිළිරැව් දෙයි ඇසිලා
සෙනේ ඔබේ ගනු බැහැ රන් මසු දීලා
කතරට ගියේ ඇයි අම්මේ මා දාලා
සෙනෙහේ ඔබේ සයුරයි ඇති දිය පිරිලා
මං ලොකු වැඩිද කිමිදෙන්නට එහි නාලා
තාත්තා කියන්නේ හිස අතගාලා
උකුලේ තියන් නාඩන් අම්මා ඉල්ලා
නියඟය ඉරි අඳී පොළවේ පායාලා
හිස මා තෙමුණෙ කොහොමද වැහි පොද වැටිලා
ඔබේ සුවඳ නැහැ රට සළුවල ගාලා
කැවූ බතේ රස නැහැ හුරතල් කරලා
මගේ පුතේ හඬ පිළිරැව් දෙයි ඇසිලා
සෙනේ ඔබේ ගනු බැහැ රන් මසු දීලා
2 comments:
බඩ කට පුරවන්ට උඹලගෙ මගේ පුතේ
දැන් නැත රුහිර කිරි වන්නේ මව්ගෙ ගතේ
දෙන්නට නුඹට ඇල් හාලේ රසය පුතේ
විඳිනා දුක් දනිත් මගෙ කර ගැට දෑතේ
@I cant explain it
ඔහොම යං ඔහොම යං. හරිම ලස්සනයි !!
Post a Comment