image-from |
රෑ ... අඳුරෙම
මා ... තනිවම
සමුදෙනවා
මා ඉපදුණු
නුවරට
මේ ... දුම් රිය
මා ... හා ඇය
ආදරයේ
ඔටුනු පලන්
රජ ගෙය
සී ... තල සඳ
මා ... තුරුලට
එන්නට අද
කබාය ඇත
ඉතිරිව
ලා ... අරුණට
ගී ... කියමින
හිරි පොද යට
අප ගිය පා
පුවරුව
සෝ ... ගින්දර
මා ... රිදවන
කැලණි ගඟට
නිවා ලන්න
හැකි වෙද
6 comments:
කවියේ ආකෘතිය නියමයි.. :)
බොහොම තුති !!
ගයන විට දුම්රියක හඬ හිතට දැනුනොත් මං දිනුම් :)
ඒ විතරක් නෙවෙයි.. තනියම සුසුම් හෙලන කෙනෙක්ගෙ හිතේ දුකයි දැනෙන්නෙ..
ඇඩෙනවා මේක කියවනකොට.....
මගේ හිත කියවූ රසිකයෙක් ඔබ...
@ඔබ නොදුටු ලොවක්.....
ඇගයුම සවියක් !!
@I cant explain it
සතුටුයි !!
Post a Comment