Featured

Wednesday, February 2, 2022

උඩවැඩියා

https://youtu.be/mjnp6yJR-Kw 



මල් මල් මල් 
පිපිලා තිබිලා 
උඩවැඩියා ගං ඉවුරේ
මීවිත තොල ගෑ
බොහෝමයක් හැන්දෑ වරුවල

සුළඟේ සුළඟේ
නැවතීයන් මඳකට
හනික දුවන නුඹගේ 
ගමන නතර කර
මා මඟහැර


කියනවාද මා සැඟවූ
බව ගංගාවට
දිය කළ මාගේ 
හද පිරි ශෝකය

ඇසෙයි ඇසෙයි ඈ හට
නුඹලාගේ බස්
නඟනු එපා රැළි
ඈ එන මඟ නම්

ඉවුරේ ඉවුරේ
අපි ඇවිදින මඟ
හෙමින් හමාපන් 
හිරි පොද ඉහ ඉහ

මල් මල් මල් 
පිපිලා තිබිලා 
උඩවැඩියා ගඟ ඉවුරේ


Sunday, May 16, 2021

මාස්ටර්පීස්

Photo from The Telegraph UK

අනර්ඝය මහාර්ඝය
ලොවෙත් සුපිරිය මරුය
විශේෂණ ගොඩකින්ම
නැඟූ උත්කර්ෂයට
කාලාකෘති තුළ සිරව
හිඳින්නාවූ විවිධ
චරිත රොත්තක් එක්ව
කෑ ගාන හඬ ඇසේ

මෙය අපේ කතාවයි
එය ඇත්ත එය ඇත්ත
නුඹට රසවත් තිත්ත
තලු මරන වල් හැත්ත
කඳුළු වගෙ නැහැ තින්ත
ලියන්නට බැහැ අපිට

හොඳින් දෙසවන සුසර
කර ඇසුවොතින් ඇසේ
වෙඩි සද්ද මැද හින්ද
වැඩිය නෑසෙන හිත්ද
මතක් වී අම්මලා
පැටවු අඹු දරුවන්ද
හඬනව බොල යක්කු
නොවේ මේ අප ඉල්ලු
තොපේ රෙද්දේ යුද්ධ

සොචනීයම කොටස
හිනාවී ඉල ඇදෙන
කාලයක් ගතවෙද්දි
අපි අපිම පසසනා
අපේ උරුමය තියෙන
අපිම පීසස් වෙච්ච
කොහේ හරි කාගෙ හරි
එව්ව මාස්ටර් පීස්

Wednesday, October 7, 2020

දාලිත්

image-from
 

කෑලි කපාගෙන කළුවර ගින්න විකාරෙන්
කිල්ල මකාලයි සුදු දෝතියට නිගාවෙන්
නින්දෙ වැදී ඇයි අහසේ අන්ධ විලාසෙන්
වැස්ස වෙලා මේ සෑයේ ගින්න නිවාපන්

මලක් සේ අකුලෙ මා හද තුරුලේ හිනාවෙන්
උන්නු දැවේ මියැදී මටද මුවාවෙන්
දැවෙන මුරට රැකවල් නොවී පමාවෙන්
ඉන්න නෑ වරම් තනියට දුවේ කමාවෙන්

පින්න වැටීලා අලුයම ගින්න නිමාවෙන්
ඉන්න හැටි රැකී දාලිත් උන්ම කියාදෙන්
ධවල පිරුවටය අස්සෙන් යක්කු සිනාසෙන්
තැනක ගිය දුවේ දෙවියන් ඇතිද කියාපන්

පසුබිම් පුවත :
http://www.ada.lk    https://www.aljazeera.com

Picture : https://www.telegraphindia.com

Related Posts Plugin for WordPress, Blogger...