Wednesday, October 7, 2020

දාලිත්

image-from
 

කෑලි කපාගෙන කළුවර ගින්න විකාරෙන්
කිල්ල මකාලයි සුදු දෝතියට නිගාවෙන්
නින්දෙ වැදී ඇයි අහසේ අන්ධ විලාසෙන්
වැස්ස වෙලා මේ සෑයේ ගින්න නිවාපන්

මලක් සේ අකුලෙ මා හද තුරුලේ හිනාවෙන්
උන්නු දැවේ මියැදී මටද මුවාවෙන්
දැවෙන මුරට රැකවල් නොවී පමාවෙන්
ඉන්න නෑ වරම් තනියට දුවේ කමාවෙන්

පින්න වැටීලා අලුයම ගින්න නිමාවෙන්
ඉන්න හැටි රැකී දාලිත් උන්ම කියාදෙන්
ධවල පිරුවටය අස්සෙන් යක්කු සිනාසෙන්
තැනක ගිය දුවේ දෙවියන් ඇතිද කියාපන්

පසුබිම් පුවත :
http://www.ada.lk    https://www.aljazeera.com

Picture : https://www.telegraphindia.com

Wednesday, April 22, 2020

උත්කර්ෂය

image-from

සඳත් අවරින් නැඟෙන මොහොතේ
තවම එළියයි මැදුර නුඹගේ
ඉසිඹු ලමි රණ බිමෙන් නික්මී
නුඹත් යන එන වෙහෙර කන්දේ

කිරුළෙ අනුහස් එළිය වැටිලා
ගම කලින් මල්වර උණා
අස්ස කුර මල් තලා දෙවටේ
තෙතම ඩිංගත් අවිලුවා

සඳලුතල මත නුඹේ රූ සිරි
වරුණ ඉන් අහසට නැඟී
පියාඹා යන අපූරුව දුර
නුඹව සිරකර මන්දිරේ

හතුරු සෙනඟට බැට තලා
එන්න කිතුගොස නංවලා
බොහෝ මවුනට වඩා පෙම්බර
අපේ අම්මා පිං කළා

අප්සරා නුඹ හිනාවෙනවද 
සැකයි මට නම් පැංචියේ
පව්වෙ හෙවණැල්ලට වහංගුව 
හුඟක් කදුලැලි හැංඟුනේ

Tuesday, March 24, 2020

සතා

image-from image-licence
             
                සෙනඟ කෝ සෙනඟ කෝ කවුරුත් නෑ
                හුස්මත් සැපයි උඹලගෙ කරච්චලේ නෑ
               නිකමට ඇහුවෙ ආවෙ නැතුවට කමක් නෑ

               වලියක් දාගෙන ආතල් කුඩු කරන්ද නෑ

                විරිත්තන්නෙ උඹල එළියෙන් ඉඳන්නෙ
                ටිකකට වරෙන් අතුලෙ නියම රස විමානෙ
                කූඩුවෙ ඉන්නෙ මං එත් මං සතානෙ

                ඇරපන්කො දොරක් බලන්න ප්‍රදානෙ
                
                 පෝලිමෙ තියල පිඟානට බෙදන්නෙ
                පෝසන සලාකෙ කාල ඉන්නනෙ තියෙන්නෙ
                එක්කන් අවිල්ල මෙච්චර සැප පුදන්නෙ
                දවසක කොමද අපි උඹලට ගෙවන්නෙ


                වැටක් ගහල කරන්ට් දීල අලිත් පදිරි වෙලානෙ
                ඉඳල හිටල තමයි ඉතින් බොඩරෙ ක්‍රොස් කරන්නෙ
                උන්වත් මිනිස්සු කරන්නනෙ බං උඹල මෙ හදන්නෙ
                දෙයියන්ගෙ හාල් කාල උඹලත් දෙයියො වෙලානෙ


               කොටුවෙන් කොටුවට පැන පැන ඉඳපන්
               සිල්ලර කෑලි අපි වගෙ කැපි කැපි යනකන්
               රජා උඹ දවසක උඹත් වෙයි සල්ලං
               ඉත්තො නැතුව බෝඩ් එකම පාළු වෙලා බන්


රහ වෙන්න රැප් තාලෙට කියවන්න :)
Related Posts Plugin for WordPress, Blogger...