Sunday, May 16, 2021

මාස්ටර්පීස්

Photo from The Telegraph UK

අනර්ඝය මහාර්ඝය
ලොවෙත් සුපිරිය මරුය
විශේෂණ ගොඩකින්ම
නැඟූ උත්කර්ෂයට
කාලාකෘති තුළ සිරව
හිඳින්නාවූ විවිධ
චරිත රොත්තක් එක්ව
කෑ ගාන හඬ ඇසේ

මෙය අපේ කතාවයි
එය ඇත්ත එය ඇත්ත
නුඹට රසවත් තිත්ත
තලු මරන වල් හැත්ත
කඳුළු වගෙ නැහැ තින්ත
ලියන්නට බැහැ අපිට

හොඳින් දෙසවන සුසර
කර ඇසුවොතින් ඇසේ
වෙඩි සද්ද මැද හින්ද
වැඩිය නෑසෙන හිත්ද
මතක් වී අම්මලා
පැටවු අඹු දරුවන්ද
හඬනව බොල යක්කු
නොවේ මේ අප ඉල්ලු
තොපේ රෙද්දේ යුද්ධ

සොචනීයම කොටස
හිනාවී ඉල ඇදෙන
කාලයක් ගතවෙද්දි
අපි අපිම පසසනා
අපේ උරුමය තියෙන
අපිම පීසස් වෙච්ච
කොහේ හරි කාගෙ හරි
එව්ව මාස්ටර් පීස්

Related Posts Plugin for WordPress, Blogger...