Wednesday, April 22, 2020

උත්කර්ෂය

image-from

සඳත් අවරින් නැඟෙන මොහොතේ
තවම එළියයි මැදුර නුඹගේ
ඉසිඹු ලමි රණ බිමෙන් නික්මී
නුඹත් යන එන වෙහෙර කන්දේ

කිරුළෙ අනුහස් එළිය වැටිලා
ගම කලින් මල්වර උණා
අස්ස කුර මල් තලා දෙවටේ
තෙතම ඩිංගත් අවිලුවා

සඳලුතල මත නුඹේ රූ සිරි
වරුණ ඉන් අහසට නැඟී
පියාඹා යන අපූරුව දුර
නුඹව සිරකර මන්දිරේ

හතුරු සෙනඟට බැට තලා
එන්න කිතුගොස නංවලා
බොහෝ මවුනට වඩා පෙම්බර
අපේ අම්මා පිං කළා

අප්සරා නුඹ හිනාවෙනවද 
සැකයි මට නම් පැංචියේ
පව්වෙ හෙවණැල්ලට වහංගුව 
හුඟක් කදුලැලි හැංඟුනේ

Related Posts Plugin for WordPress, Blogger...