Friday, April 29, 2011

වැස්ස


source

                                        වසා ගෙන අඳුරින් හාත්පස  අන් දසුනකට ඉඩ නොදී
                                        නිමා කර නිස්කලංකය දෙසවන් පුරා ගිගුමන් දිදී
                                        පිපෙයි හිරිගඩු  සුළං රැල්ලෙන් මුසුව ඇති සීතල පිනී
                                        මවා මේ සා විසල් පෙරළී මහා වැස්සක් ඇරඹිනී


                                        වෙලා සියොළඟ ඔබේ දහරින් මවා සැඩ විදුලිය එළි
                                        වසා මාවත නොදී අවසර අහස පානා  දිය කෙලී
                                        ඇතත් යන්නට දුරක් මෙතුවක්  මගේ පියමන් වෙවී
                                        බලා යන්නට වටී නැවතී දුරයි  මඟ වෙහෙස වී


වැව

source


පිරී වැස්සෙන් 
වතුර
ඉතිරිලා යන 
වැව

පිරී ඔබ ගැන
මතක  
සිඳී ගිය මේ 
හිත 

Sunday, April 24, 2011

තරු


source

රෑ අහස් කුස 
තරුත් පරදී
දිස්නයෙන් ඔබෙ 
අබරණා

රඟන රැඟුමින් 
නොවන්නට මත් 
නැහැ කිසිත් මට 
කාරණා

උනුන් පරයා
නැගෙන්නට දරනා
මහත් වූ
වෙහෙසිනා

ගයන ඔබගෙන් 
සිතක සුවයක් 
යදිනු නහැ 
සාදාරණා 

කරනු මා
මුසපත් තවත් 
නොම වේ සැපක් 
ඒ හා සමා

පායනා රෑ 
අහස යට 
ගනනින් දහස්
ගී තාරකා


Saturday, April 23, 2011

ඉඩ

source

මා ළයේ සුසුමන්ට 
ඔබ හදේ ඉඩ නැති දාට 
දැවී මිය යන්නම් 
ඔබේ ආදරයෙන්


පරිවර්තනය
May my breaths find refuge in your heart…may my world be destroyed in your love
-Tere dil mei mere sanson ko panah mil jaaye…tere ishq mei meri jahaan fanah ho jaaye- Fanaa (2006)

ලිව්වේ June 22, 2009

වැරදි

source

වැරදි නම් මාගේ
හදෙහි ආදරය
මට කිසිත් නැහැ දැන්
තවත් වැරදෙන්න

ඉවුර සිඹිමින් පෙමින්
ගලන ගංගාවක්
එනතුරා හිඳින්නේ
නිහඬ සාගරයක්

සිතිවිල්ල My All - Mariah Carey
ලිව්වේ    July 25, 2009

Friday, April 22, 2011

සමනලී ...


source

රඟන්නී හැඩ තටු විහිදලා
දිලෙන්නී පුන් සඳ පරදලා 
නොයන්නී මාව තනි කර දමා
සමනලී ...

මල් යායක් වෙන්නම් රොන් ගන්න ඔනෙ නම් 
නිල් අහසක් වෙන්නම් පියඹන්න ඔනෙ නම්
කෙල්ලෙ මං ...

පිනි වැස්සේ තෙමෙමින් සීතලට ගුලි වෙලා
තව පාරක් කියපන් මගෙ කනට ලං වෙලා
ආදරෙයි ...

මෙතනින් අහන්න
ගයන්නේ දිමිත්‍රි ස්ටෙෆාන්

ලිව්වේ 2009


තරම


source

සදලුතලාවේ සිටිනා කුමරි
බිමට වඩින්නේ නැතිවද කොමළි
එළිය වෙලා සද සදලුතලාවට
වැටෙන්න මා සද කුමරා නොවෙමී

ලිව්වේ June 20, 2009

හිමි

source

සඳට යහනක්
සදන උරුමය
වළාකුලකට පමණකි

එසඳ විඳිනා
අපට අයිති
ලියු පද වැල් පමණකි

Thursday, April 14, 2011

සුභ අලුත් අවුරුද්දක් වේවා !!

source

සිතනා යහ සිතුම් හැම මල් ඵල ගන්න
තබනා සියලු පියවර දියුණට යන්න
ලබනා නව වසරෙ කිරි පැණි ඉතිරෙන්න
පතනා මෙ පැතුම් ඔබටයි පිලිගන්න !!

Related Posts Plugin for WordPress, Blogger...