![]() |
image-from |
ඉරක් සුදු පාට සෘජු ඉරක්
මාවතේ ඇඳලාද අලුතෙන් ඉරක්
නැහැ එ පැරණියි නුදුටුවේ ඇයි මෙතෙක්
පැමිණ ඇත්තේ ඉර මතින් බෝ කලක්
ජීවිතේ හැඩ කරයි හැඩතල ගොඩක්
බොහෝ හැඩතල මායිමේ සෘජු ඉරක්
මකා රවුමට අඳින්නට පාදයක්
සිතේ එනමුදු වක් උනත් එය ඉරක්
ඉරි නොමැති නිල් අහස වගෙ නිදහසක්
තියේවිද ලොව පිරුණු හැඩතල රැසක්
සැදෙයි නොදැනිම එහැඩ මැද මායිමක්
නොදන්නා හැඩයක්, නිසා ඉරි ගොඩක්