![]() |
image-from |
බිත්තියේ කඩතොලු වසා
කිරි පාට පොටි හැන්දක උලා
ගෙදර හිඟකම් හිත හිතා
කණ පාට පැල්ලම් යට කළා
කොලේ වැල්ලෙන් හීරිලා
සමතලා වෙන බිත්තිය බලා
දූලි දුම් සුසුමන් හෙළා
සමසමාජය සිහිපත් කළා
දූගෙ කම්මුල් පැහැ මවා
ලා රෝස සායම් තැවරිලා
පිට හීන මන්දිර හැඩ වෙලා
ණය කාසි ළඟ අසරණ වෙලා
පොටි - බිත්ති සුමට කිරීම සඳහා භාවිතා වන බදාම විශේෂයකි.