skip to main |
skip to sidebar
යකඩ කම්බියක්
උනත්
නමනකොට නමනකොට
කැඩෙනව.
සිහිනය සොයා
දෑසම වසා
ගියදා පාළුවේ
මුදු සුවඳ ලා
හිත ළඟ ගයා
පිපිලා මාවතේ
රහසක ලියා
පතුලේ නොලා
සඟවා සාගරේ
අහසක ලියා
ඒ මල තෙමා
වැස්සා ආදරේ
විස කටු නෙළා
මල් ඉවතලා
තනලා මාළිගේ
හද එහි හොවා
මතකය මරා
වලළා පාදමේ
කඳු හෙල් පවා
සසලව බලා
සිටියා සීතලේ
ඔබගෙන් පලා
යන මා දිහා
අවුලා ආදරේ
සඳ රෑ පුරා
ඉවසා බලා
සිටියා මා කෙරේ
සඳ බැස ගියා
උදයේ පවා
අඳුරුයි මාළිගේ
රන්වන් පාටින් දැල්වී
ආලෝකය දී පිච්චී
රත්ව දැවී තෙල් කළුවී
සියල්ල මා හට දන් දී
ජීවිතයේ කළු අඳුරු පැයේ
ආලෝකය දුන් පහන රැයේ
අරුණාලෝකය හමුවී
අඳුරේදී පෙර නොදිටී
පෙනෙනා ලොව තුළ කැළඹී
ඇත දෑසම ගිනි කණවී
ජීවිතයේ කළු අඳුරු පැයේ
ආලෝකය දුන් පහන රැයේ
පෙනෙනා දේ අඳුරේදී
වටිනා ආලෝකයකි
දිලිසෙන දේ ලඟ නොපෙනී
ඇත නිහඬව එළියේදී
පිදුම
අම්මාට