![]() |
image-from |
පින්තාරු කළ සිහින වෙන්දේසියේ ඉමක
නැවුම් සායම් සුවඳ නො එනා
පොදු නොවන සිහිනයක් නොවිකිණෙන සිත්තමක්
ළඟ හිඳී ඇය නතර වීලා
ටිකක් ඉස්සර ඇන්ද නමුත් උණුසුම් තවම
නුඹේ කොපුලේ පාට හින්දා
අදත් තරුණයි තාම හෙටක් සොයමින් පලා
ඇයිද නුඹ ගියෙ අනේ මන්දා
එදා වාගේ හෙවන නොමැත මේ මඟ දෙපස
පාර්ක් එකටත් එළිය වැටිලා
අවන්හල මී පුරන ළඟ පමණි ටිකක්වත්
හෙවන ඇත්තේ ඉතිරි වීලා
ශේෂ වූ හසරැල්ල සුසුමකින් නොතවන්න
වසන්තය නිමවී හමාරයි
ඇන්ඳ මුත් කඳුලකින් දියකර මනෙත නැඟුණ
ගෙනයන්න මෙහි වර්ණ නුඹගෙයි