![]() |
image-from |
සීත හිම දිය වෙනව
වසන්තය ළඟ එනව
මිදුණු ගං දිය උඩට
ඉර වැටිල දිලිසෙනව
කාට ලස්සන උණත්
ගඟක් කැමතියි හුඟක්
නිහඬවම නිසසලව
මිදිල ඉන්නට තවත්
මෙය ප්රථම වසන්තය
නොවේ ගඟ පසු කරන
දන්න හින්දා ගැහැට
කෙඳිරි ගාමින් ගලන
අගක අතු ගඟට බර
මලක් ළඟ නවතීද
වසන්තය උදාවන
වළක්වනු හැකිවේද
මුහුද හමුවෙයි ගඟට
යළිත් නිසසල වෙන්ට
තවත් ගංගා වැටුණ
හැකිද තරහා වෙන්ට