කන්දෙන් පිනූ දිය කඳ
හිස මත වැටී රිදවුවදසීතල සියුම් බිඳිතිව
ඉඳිකටු තුඩින් ඇන්නද
හද ඉපිල යන තරම් කෑ ගා
මුවට ලේ රස දැනුනද
ඇල්ල නුඹ පාමුල
වින්ද රිදුමද මිහිරිය
මිදී ආවත් ඔබෙන් ඉවුරට
හිඳිනු බෑ ඔබ ළඟින් නිසලව
සෙයකි හමනා සුළං රොද
හුදෙකලාවෙන් වෙව්ලවන ගත
ඔබේ හඬ හා සුවය දැනෙනා
සීත වනපෙත හැර පියා විත්
මතක දිය සෝබරව පිසලමි
ඔබ පෙනෙන දුර ඈතකින් හිඳ