![]() |
image-from |
රෝස මලක්
රතු රෝස මලක්
මං
දෝත දරාගෙන උන්නා
බඹර රැළක්
නාඹරම කැලක්
රොන්
ගන්න වගේ ලං වූවා
කෝල කරන්
බඹරාන කෙනෙක්
ලං
වෙවි කියා අත් පටලා
රෝස කටුත්
වැද බඹර දලත්
ලේ
දෑත තෙමද්දිත් උන්නා
වීර කවක්
රතු පාට ලෙයින්
රතු
රෝස මලේ නුඹ සන්දා
ලීව බවත්
හිමි කාර මමත්
බව
කීම සඳා අත් මිදුවා
අහෝ ...
මාගෙ සුරත්
සිරකාර බැමිත්
ඔබෙ
රෝස පෙතිත් පොඩි කරලා
රෝස පතක්
මත කඳුළු බිඳක්
රතු
පාට ලෙයත් බොඳ කෙරුවා