![]() |
image-from |
අපට බත් දෙන්න අප්පා දරට ගියෙ මගේ
පොළව ඉරි තලන ඉර ගිනි බිඳින කූටකේ
හෙළන දහඩියෙන් නුඹේ මල් සුවඳ වෙයි වනේ
අජානේය රථ සවාරි යයි හැටට හැටේ
නුඹේ හිත හයිය දැකලා මහ ගසුත් නැවේ
උසට මිටි බැඳන් දර මහ ගොඩක් සයිකලේ
වාරු නැති උනත් අත් වාරුව නුඹයි අපේ
සත්තු මඟ බහින හැන්දෑ අඳුර එන වෙලේ
අපේ පැල තාම අඳුරුයි පහන මඟ කැලේ
දෙයියො වැඩ ඉන්න වනයට අරක් ගෙන අනේ
අන්තරා නොකර අප්පා රැකදෙන්න අපේ