![]() |
image-from |
බලාපොරොත්තුවෙ සඳ මත
බරක් නොදැනෙන සිතක් ඇවිදින
නින්ද ලඟ නැති මොහොතක
පියවි නෙතදර ඇඳෙන සිහිනය
බලා ඉන්නේ කොහෙදැයි
බලා ඉන්නේ කවුදැයි
සිනාසෙන්නේ ඇයිදැයි
උත්තර නොදත් සිහිනය
ආදරණීය විදිහට
ලද ජීවිතය දිස්වන
දුකත් ඉකි ගස්සන
මගේ සිහිනය ලස්සන
කොහොම හොරු ගන්නද
මගෙන් හංගන්නද
ගෙට අරං නැහැ මං
මගේ ප්‍රීතිය මගේ සිහිනය