Monday, June 27, 2011

කුසුම


source

සුදු පිච්ච මලක
සිරියයි මුහුණ
රේණු පොකුරක
සුවඳයි වචන

උසත් නැති ගහක
අතු බිමට නැමුණ
අත පොවන දුරක 
හිනැහෙන කුසුම

මාවතක් මතක 
තබා ගත නොහෙන
ස්වප්න උයනක 
සුපිපුණේ කිමද ? 

Friday, June 24, 2011

මේ වගේ




කිසිදා නෑ දැනී මේ වගේ ආදරේ
ඔබ මගේ ළඟ නැතී දුක දැනේ අද දිනේ
වෙන් වෙලා ගිය පසුයි තේරුණේ කුමරියේ 

ඔබ කෙරේ හද සෙනේ වාගෙ බැව් සාගරේ

සීත රෑ නින්ද නෑ හද දවයි ආදරේ
පාළු වූ විජිතයේ තනිකමයි රජවුනේ
මධු විතින් නොම බිඳේ තනිය මා හදවතේ
සුළං රැල් ඔබ ගැනයි මුමුණමින් හමන්නේ


ලිව්වේ December, 2006
හඬ Sam Samarakoon

ගුරු අම්මා

source

අපෙ ගම්මානෙ දුෂ්කර පිටිසර හින්දා
පාසැල් එන්නෙ එහෙමත් ළමයෙක් හන්දා
උනුත් කුඹුරු වැඩ දවසට නැති හන්දා
ගුරුවරු නේන එක මෙහි හරිදෝ මන්දා


මේ දුක් ගැහට දැක දැක අප ගැන පෙම්මා
ඉස්කෝලෙම ඉන්න අපගේ ගුරු අම්මා
පෑහෙන්නට නොදී අම්බරුවන් එක්කා
සිප් කිරි පොවයි අපගේ හිස් හිස් අතගා


හිතමින් ඉන්න හැටි නගරෙට පැන ගන්නා
පුහුදුන් අපි මඩේ ඔබ නෙළුමයි පිපිලා
දල්වන නැණ පහන් අපගේ ඇස් පාදා
අම්මා බුදු වෙන්න ඔබ අග සවු වේවා !


Related Posts Plugin for WordPress, Blogger...