skip to main |
skip to sidebar
ඉර ගිලිලා සඳ එනවා
වැඩ නිමවී මම එනවා
මවු නුඹගේ හිනැහෙනවා
නුඹ නිදි බව පවසනවා
අද ඉරිදා වැඩ නැතුවා
පුතු මා හා නැළැවෙනවා
පුතුගෙ බසින් තෙපළනවා
එබස මටත් තේරෙනවා
සඳ එනවා රෑ වෙනවා
ඉරිදාවල් කෙටි වෙනවා
සඳ තුරුළේ හිනැහෙනවා
පුතු නාඬා නිදියනවා
යකඩ කම්බියක්
උනත්
නමනකොට නමනකොට
කැඩෙනව.
සිහිනය සොයා
දෑසම වසා
ගියදා පාළුවේ
මුදු සුවඳ ලා
හිත ළඟ ගයා
පිපිලා මාවතේ
රහසක ලියා
පතුලේ නොලා
සඟවා සාගරේ
අහසක ලියා
ඒ මල තෙමා
වැස්සා ආදරේ
විස කටු නෙළා
මල් ඉවතලා
තනලා මාළිගේ
හද එහි හොවා
මතකය මරා
වලළා පාදමේ
කඳු හෙල් පවා
සසලව බලා
සිටියා සීතලේ
ඔබගෙන් පලා
යන මා දිහා
අවුලා ආදරේ
සඳ රෑ පුරා
ඉවසා බලා
සිටියා මා කෙරේ
සඳ බැස ගියා
උදයේ පවා
අඳුරුයි මාළිගේ