skip to main |
skip to sidebar
වියළි කතරට වැස්ස
ඉඳ හිට වැටෙයි
අහසත් අපිත් එක්ක
පොළවක් සිතයි
වැහි බිංදු වියළි පස
සමඟ මුහු වෙයි
උඩ නැඟෙන දුහුවිල්ල
නැවුම් සුවඳයි
දියෙන් බොහොමයක් යළි
අහස හා මුහු වෙන්නෙ
බොහොම ඩිංගයි පොළව
කිමිදී වෙලා ගන්නෙ
නිල් අහස යට කතර
එදා වාගෙයි තාම
දුඹුරු පසුබිමෙ තැනෙක
ඉඳ හිට පතොක් හැදෙන
මෘදු බඳෙක කටු තියෙන
සුළඟ නුඹේ ගමන කොහිද
මා අසලම වෙළෙනු කිමද
එකලා ගමනින් වෙහෙසද
විවේකයට නැවතුණා ද
මා හට හුරු පුරුදු සුවඳ
නුඹ ගෙන අවේ කොහෙන්ද
අර පෙනෙනා මුදුනෙ කන්ද
රෝස මලක් හමු වුණාද
ඩා බිඳු සිප ගත්තෙ ඇයිද
මහට වෙහෙස වග සිතුණිද
පත් සොලවා ඔබ කී පද
දන්නා ගීතෙක තිබුණද
හිස් අවකාශය ඔබමද
දෝතට ගන්නට හැකිවෙද
දෑසින් දුටුවා වාගෙද
හැඟුමක් කොතරම් මිහිරිද
නුඹේ සිසිල ගත විනිවිද
හද පිරිමැද්දේ කොහොමද
ඒ අවසරයෙන් නෙතු අද
පිරුණේ අන්තිම කඳුළද
ගසින් වෙන් වූ කැකුළු
පිපෙන මල් වත්තයි
කිරි සිනා හා කඳුළු
සමඟ මල් සුවඳයි
දෙවෙනි මව් තුරුල්ලේ
අකුරු ඇහිඳින කැකුළු
පසිඳලන්නට අරුත
වදන සෙනෙහස කියන
ජීවිතය ගමනක්
ආදරය උලෙළක්
ළපටි සිත් මල් වලට
සිහින් පොද වැස්සක්
අරලියා මල් පාර
පියමං කරං ආපු
ආදරේ දුන් යාළු
හුඟක් ඉන්නට ඇතී
හිනාවෙන ඇස් කියන
සතුට පිළිබඳ වැකිය
ආදරය ප්‍රස්තුතය
හෙට අනියමාර්ථය
අපෙක්ෂාවේ දූලි
ඉතා පොඩියට රැඳුණු
උපෙක්ෂාවේ කැකුළු
අරලියා බිම වැටුණු