![]() |
source |
පුංචි ඇස් නුඹගේ කිඳුරී
පෙරළි කල වරලස කැරළී
වචන වී ගීයක් මිහිරී
ඇසේ තාමත් මට සොඳුරී
ළඟම ඉන්නට කී සුරලී
ඇයිද අද තනිවම වැළලී
ගින්න හද පතුලේ ඇවිලී
ගොසින් අද කඳුළුත් වියලී
ගමන මතකයි අපි ආපු
හීන සිහිවෙයි අපි මවපු
රෑක සඳ නැති අපි දැකපු
තරුව තාමත් තනිවමලු
0 comments:
Post a Comment