Thursday, August 11, 2011

සරුංගෝලෙ

source


කිතුල් පිති උණ පතුරු 
යසට පට්ටම හදල
පාට පාටින් හැඩට 

අලවාල සරසාල

ඉහට කන් දෙකට තව
හීනියට රැළි දාල
මේ නිවාඩුවට හැදු
ලස්සන සරුංගෝලෙ


මල්ලියේ අල්ලන්න
හොඳට ඉහළට කරල
නූල අදිනවා මං 

හුළං එන අත බලල

තව යන්න උඩ යන්න
පාවි පාවී ඉන්න 

ආසයි අපිත් එන්න
උඩට අපිවත් ගන්න


2 comments:

මතකයි මට said...

Simple but great words...

Rasika Kariyawasam said...

Thanx machan :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...