Saturday, November 19, 2011

සුරඟන ටැටූ

image-from

දේදුනු පාටින් නෙක හැඩැති
සුරඟන රූ සායම් ගතෙහි
සිතුවම් ලා ගන්නට සිත් වී
සුරඟනකම ඇවිදින් සිතුනී

සායම් වගුරන ඇල්පෙනෙති
මුදු මල් පෙති හාරන විටදී
නා දළු මුතු කැට මැද සිරවී
දෑස පියාගෙන ඉන්න හැටී

කෙහෙරැළි අතැඟිලි සමඟ වෙලී
සිතුවම මත දඟ කරන හැටී
ඔබ නොදනී දොඩමළු කිරිලී
මුදු පහසකි ගීයකි මිහිරී

මා ඇඳි සිතුවම  ගතෙහී
 ඇඳි සිතුවම මා හදෙහී
තබා ඇදී යයි  නික්මී
ටැටූ හිතේ ඇඳි කැවෙයි කිතී

නැඟී අසෙකු මත්තේ හාලී
අසරු උරෙහි සුවසේ එල්ලී
ඇගේ ලොවට යද්දී ඉගිලී
බලා හිඳිමි ගුලිකර සල්ලී

7 comments:

හසිතා said...

"අජානේන ඉස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා.."
අන්තිම කවිය කියවද්දි මට මතක් උනේ මේ සිංදුව..

කවි පෙළ ලස්සනයි..

Rasika Kariyawasam said...

හාලි ඩේවිඩ්සන් ඉස්කූටරේට වඩා හයියෙන් යනව මයෙ හිතේ :)
ඇගයුමට තුති !!

සයුරි said...

ලස්සනයි...

Rasika Kariyawasam said...

ස්තුතියි ..!

Amila Chathuranga said...

හරි සෝක්...

Dinesh said...

ඇත්තටම ලස්සන කවි පෙලක් රසික....

Rasika Kariyawasam said...

@amila chathuranga
:D තුති !!

@Dinesh
ස්තුතියි බොහොම දැනුනු හැටි කීවාට !!

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...