Sunday, December 4, 2011

කිරිල්ලී


image-from


නීල අරණට සීත මීදුම 
අඳුර ගේනා හැටි බලා
දෝත හැර රළු මාගෙ උණුසුම්
සියුමැලී අත්තටු සලා
ඈත දුර පීදුන වසන්තය
සොයා ගිය මා හැර දමා
ආයෙ ඇවිදින් පාළු අරණට
කිරිල්ලී සෙනෙහස සොයා

ප්‍රේමයේ මල් සුවඳ හැමුවත් 
ඔබ ළඟින් වාගෙම එදා
මාගෙ හද ගිනි දවාවී ඔබ
සීතාව නොවනා නිසා

යාව ආයෙත් වෙන්ව යන්නට
නොවෙමි රාමා ඔබ පෙළා
සීත මුසු අඳුරම සදයි සුව
හද දැවූ එළියට වඩා

9 comments:

Kasun said...

පට්ටයි සහෝ! තේරුමයි පදයි දෙකම ලස්සනයි.

හිතුවක්කාර කෙල්ල said...

හරිම ලස්සනයිනෙ මේ පද ටික!!! අදමයි මෙහාට ආවෙ.. හරිම ලස්සනයි...

Rasika Kariyawasam said...

@ Kasun
බොහොම ස්තුතියි මිතුර !

@ හිතුවක්කාරි
තුති !! සතුටින් පිළිගන්නවා !

හසිතා said...

ඇත්ත.! මොකටද අත් ඇරපු දේවල් ආයෙම ළඟට ගන්නෙ? අන්තිමට දුක අපිටම යි..

කවි ටික ලස්සනයි..

Rasika Kariyawasam said...

පුහුදුන් මිනිස් සිතේ හැටිනෙ.
බොහොම ස්තුතියි !

Eshan Sudharaka said...

සුන්දර කවි පද පෙලක් ..ඔබේ අත්දැකීමක් කවියට නගුවා වැනියි

Rasika Kariyawasam said...

ස්තුතියි මිතුර ! සුලබ නූතන සමාජ සංසිද්ධියක් රමායණයේ පසු කතාව ඇසුරින් දැකීමට උත්සාහ කලා පමණි :)

අසරණයා said...

වචන ගැලපීම මරුය කවියේ තේරුමත් ඉතා ඉහලය ජයවේව!!

Rasika Kariyawasam said...

බොහොම ස්තුතියි ය :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...