![]() |
image-from |
කූඩැල්ලෙකි ලේ බී
වැගිරෙන ලේ මුසුවෙයි
මඩ හා දුඟඳ පාමුල
ඉඳ හිට රැළිති මැවෙයි
නිසසල වගුරු දිය මත
නොපෙනෙන රැළිති මුල
දිය යට කුමක් සසලද
මන්දාරම් කළුවර
වසමින් අවට පැතිරුණ
ඝනකම සුදු මීදුම
පෙනහලු තුළට රිංගන
සඳ තරු නැති පායා
හිස් අහස කළුවර
වස්සන පිනි සීතල
ගත පෙළන අන්දම
පසුපස බියකරු වන
රොද රෑහි නාදය
තුරු අතරේ දිලිසෙන
එළි මෘග දෑසක
කොහි සිට ආවෙද මා
මෙහි ආවෙ කොහොමද
කොහි යන්නෙද මා මේ
මීදුම් වගුර පසු කර