Sunday, January 15, 2012

හැටී


image-from


අතීතයේ
 දුර පොළෝ ගැබට 
තනි තරුවක් අහසින් වැටුණු හැටී
කියා දෙන්න මට බලා ඉන්න යළි 
තරුව අහසෙ දුර දිලෙන හැටී

කතා නැතිව ඇස් දිහා බලගෙන 
එකම හීනයක් දැකපු හැටී
කියා දෙන්න මට හමු වූ මොහොතක 
ඔබේ දෑස මඟ හරින හැටී

අපේ කතාවල සුපෙම් ලතාවට
ලැජ්ජාවෙන් සඳ වැසුණු හැටී
කියා දෙන්න දිව නුහුරු බසින් හෙට 
ඔබේ නමින් අමතනා හැටී

පියාඹන්න දුර මිදී මගෙන් 
මේ අහස ඔබෙයි ඔබ කියන හැටී
කියා දෙන්න මට ඉගිල්ලෙන්න 
මේ ඉරී රිදෙන තටු සලන හැටී

කඩා ගන්න මිස හදා ගන්න බැරි
හිතේ හැඩය ඔබ වෙච්ච හැටී
කියා දෙන්න මිතුරියක කියා ඔබ
මගේ හිතට බොරු කරන හැටී


7 comments:

Amila Chathuranga said...

මිතුරිය යම් කලක ්සිටි පසු වෙයි පෙංවතිය..

Rasika Kariyawasam said...

පෙම්වතී යලී කෙලෙස වෙද මිතුරී .

මතකයි මට said...

ගැයු ගී ඔබ හා අත් වැල් පටලා
හිරු බැස යන තුරු අඳුරු දිදී
කියා දෙන්න මට නුහුරු ස්වරයකින්
වෙනකෙකු සමඟින් ගයන හැටී...

Rasika Kariyawasam said...

අඳුර වැදී ගී තනුව සිඳී ..

සයුරි said...

පංකාදු පහයි :)

Rasika Kariyawasam said...

බොහොම ස්තුතියි :D

හසිතා said...

සිතක් ඇලෙන හැටි... :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...