Thursday, February 9, 2012

හිම

image-from


මල් පිපී නැතත් මේ රෑ ගුවන් තොටුපලේ
සුවඳ දැනෙනවා සෙනෙහේ හිම කුමාරියේ

සිංදු කී ඔබේ සිංහල නුහුරු තොල් පෙතී 
නිහඬ කිමද දෑසේ ඇයි කඳුළු බිඳු නැඟී

මගෙන් මඟ ඇසූ මා හට පෙමට මඟ කියූ
ඔබේ සුරත සීතයි මං අරන් ඇවිදපූ

අපි ඇවිද  මඟේ මා යළි යා යුතුව තිබේ
ඔබ මෙන් නැතත් තවත් මඟියෙක් මා බලා හිඳී

ඔබ පැමිණි ලොව බලා පියඹා යන්න පරවියේ
ඔබට හුරු පුරුදු සීතල එහිය මෙහි නැතී

2 comments:

හසිතා said...

Excellent.. might be a true experience of a tourist guide.. :D
හරිම ලස්සනයි..

Rasika Kariyawasam said...

බොහොම ස්තුතියි ! ඔව් වෙන්න පුළුවන් :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...