Thursday, April 26, 2012

සුමට

image-from


බිත්තියේ කඩතොලු වසා
කිරි පාට පොටි හැන්දක උලා
ගෙදර හිඟකම් හිත හිතා
කණ පාට පැල්ලම් යට කළා

කොලේ වැල්ලෙන් හීරිලා
සමතලා වෙන බිත්තිය බලා
දූලි දුම් සුසුමන් හෙළා
සමසමාජය සිහිපත් කළා

දූගෙ කම්මුල් පැහැ මවා
ලා රෝස සායම් තැවරිලා
පිට හීන මන්දිර හැඩ වෙලා
ණය කාසි ළඟ අසරණ වෙලා



පොටි - බිත්ති සුමට කිරීම සඳහා භාවිතා වන බදාම විශේෂයකි

7 comments:

ඉන්ද්‍රජිත් said...

සුවිශෙෂී අදහසක්...

ගල්මල්-Coral said...

පද යොදාගෙන එකොණ මෙකොණ යා කර හැටි අපූරුයි මල්ලියේ. නුඹේ කවිසිතට, තෙළිතුඩට ජය!

වැඩියෙ යමක් ලිව්වොත් පදපෙලේ අගය අඩුවේ දෝ බයකි, අවසරයක් නැතිවම මේ නිර්මාණය මුහුණුපොතේ ෂෙයාර් කරනවා.

Rasika Kariyawasam said...

@ ඉන්ද්‍රජිත්
නිසාවෙන් දුටු සැබෑ දසුනක්. තුති !

@ ගල්මල්-Coral
අදහස ඔබ සිත සිත්තම් වී නම්
ඔබේ මිතුරනුත් රස වින්දානම්
සතුටුයි. ස්තුතියි !

දයානන්ද රත්නායක said...

පේන්ටින් ඉාස් කෙනෙක් වුණත් මට මතක් වෙන්නෙම කපුගේගෙ
"අහස උසට නැග ගියාට නැහැනෙ අහසෙ රැඳෙන්නේ
අහසෙ මාලිගා හැදුවට අපි පොළවෙයි හිඳින්නේ" ගිතය

අපුරු කවි සිතුවිල්ල.

Rasika Kariyawasam said...

නමුත් ඔවුන් දෙපිරිස මුහුණපාන වෘත්තීය අත්දැකීම් හා දුෂ්කරතා විවිධ යැයි හැඟේ. බොහෝම ස්තුතියි ඔබේ අදහසට හා ඇගයුමට !

හසිතා said...

විකසිතේ කියවූ විශිෂ්ටතම කවි නිර්මාණ වලින් එකකි..

Rasika Kariyawasam said...

අගේ ඇති ඇගයුමකි විකසිත ලද :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...