Tuesday, May 1, 2012

විරසකය

image-from


                                                 හිරු දියේ ගිලී සමුදුර එහි පැහැය        ගනී
                                                 කරදියෙන් තෙමී හිරිපොද ඇවිත් වත  සිඹී
                                                 නැඟී සඳ නැතී තරු මා හා        සිනාසෙතී
                                                 මුවාවට යමී ඉස්ටේසමට වැසි             වසී

                                                 රළ සමඟ හැපී වෙරළේ මතක පිය     මනී
                                                 මළ බැඳුණු පීලි මත දම් පාට මල්         පිපී
                                                 ඇගේ හිස පැළැන්දූ මල් සමය සිහි   වෙතී
                                                 අදත් ඇති පිපී අඳුරට පෙනෙන්නේ   නැතී

                                                සිහින කැබලිතී දුම් රිය හඬින්      ඉහිරෙතී
                                                වැස්ස නොම දෙතී ඉඩ තව පමාවට  මෙහී
                                                කළුව පමණකී අහසේ වලාකුළු           පිරී
                                                දෑස ලත වෙතී සිත ගතු කියයි ඇය      සිටී

8 comments:

ගල්මල්-Coral said...

//මළ බැඳුණු පීලි මත දම් පාට මල් පිපී//
පදපේලි දහසක් කීව එක පේලියක්!

පරිසර වර්ණනාව යොදාගෙන මවන චිත්තරූපය උපරිමයි මල්ලි.

වැසි දැරිය - The Rain Girl said...

නැගී සද නැතී තරු මා හා සිනාසෙතී
මුවාවට යමී ඉස්ටේසමට වැසි වසී..

එන්න එන්නම ඔබේ කවිවල ආකර්ෂණීය බව වැඩි වෙනවා.
පොතක් පබ්ලිශ් කරන්න අදහසක් නැද්ද?

Rasika Kariyawasam said...

@ ගල්මල්-Coral
මා නිතර දුටු මනස පිනවනා දසුනකී
බොහොම ස්තුතියි අයියේ

@ වර්ෂා
අගෙයි පැසසුම් කරන දිරිමත්
හිතෙයි ඉඳ හිට ලියමි ටික ටික

හසිතා said...
This comment has been removed by the author.
හසිතා said...

ආදරයේ විරහව තමයි බොහෝ විශිෂ්ට නිර්මාණවල තේමාව...! කවි පන්තිය අපූරුයි.

@වර්ෂා, අපිත් ඕක කලින් කියලා තියෙනවා.
මට නම් හිතෙන විදියට, සාහිත්‍ය පාඩම්වලට නිර්දේශ කරන්න පුළුවන් තරමේ නිර්මාණ විකසිතේ තියෙනවා. පොතක් ගැහුව ම ඒ chance එක වැඩියි.

Rasika Kariyawasam said...

ඇත්ත. බොහෝ දෙනාට සමීප හැඟීමක් නිසා වෙන්නට ඇති.
බර වැඩි උනත් විකසිතට පැසසුම් වටී පුදමී තුති !

සිත් අහස said...

හැමදාමත් වගේ ලස්සනයි කවි පේළි ටික.. මේ පැත්තේ එන හැමදාකම දකින්න ලැබෙන්නේ වෙනස්ම අලුත්ම අදහස් රොත්තක්... ලස්සනයි..

Rasika Kariyawasam said...

බොහොම ස්තුතියි ! සතුටකි සුරැකීම අලුත් බව.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...