Saturday, June 2, 2012

පහන

image-from

රන්වන් පාටින් දැල්වී
ආලෝකය දී පිච්චී
රත්ව දැවී තෙල් කළුවී
සියල්ල මා හට දන් දී

ජීවිතයේ කළු අඳුරු පැයේ
ආලෝකය දුන් පහන රැයේ

අරුණාලෝකය හමුවී
අඳුරේදී පෙර නොදිටී
පෙනෙනා ලොව තුළ කැළඹී
ඇත දෑසම ගිනි කණවී

ජීවිතයේ කළු අඳුරු පැයේ
ආලෝකය දුන් පහන රැයේ

පෙනෙනා දේ අඳුරේදී
වටිනා ආලෝකයකි
දිලිසෙන දේ ලඟ නොපෙනී
ඇත නිහඬව එළියේදී

පිදුම 
අම්මාට

10 comments:

Anonymous said...

අමුතු ලස්සන කවියක්..මුල් පද ටික හරිම ලස්සනයි..

Rasika Kariyawasam said...

බොහොම ස්තුතියි !

ඉන්ද්‍රජිත් said...

අති විශිශ්ටයි....

Dinesh said...

ලස්සනයි යාළුවා කවි පෙල..

දයානන්ද රත්නායක said...

හරි අපූරු අදහසක්.

Rasika Kariyawasam said...

@ ඉන්ද්‍රජිත්
බොහොම ස්තුතියි !

@ Dinesh
තුති මිතුර !

@ දයානන්ද රත්නායක
අදහසෙහි එහෙ මෙහෙ යද්දී
මවු ගුණෙහි පිළිබිඹුව පෙනුණී

හසිතා said...

"අඳුරේදී පෙනෙන දේ දිලිසෙන දේ ළඟ නොපෙනී තියෙයි.."
හරියටම අම්මා වගේ තමයි.
අපූරු අදහසක්!

Rasika Kariyawasam said...

අඳුරේදී අපට පෙනෙන්නෙ සැබවින්ම ආලෝකමත් දෙවල්. එළියෙදී අර ආලෝකමත් දේවල දීප්තිය අඩු වෙන්නටත් අඳුර මකන්නට බැරි නමුත් දිලිසෙන්නට හැකි දේවල් දීප්තිමත්ව පෙනෙන්නටත් පුළුවන්.
තුති ඔබේ ඇගයුමට !

අසරණයා said...

ගොඩාක් ලස්සන කවියක්.

Rasika Kariyawasam said...

ස්තුතියි බොහෝම !

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...