Thursday, April 11, 2013

ජීවිතය කරුණාව



                                    සිරිපා වැන්ද ඉර පෙරඹර නැඟ          එනවා
                                    සමනලයින්ට කලියෙන් අපි     ඇහැරෙනවා
                                    බැරි බර හිස තියාගෙන කන්දේ          යනවා
                                    තටු නැති අපට කන්දම පිහිටක්       වෙනවා

                                    රත් වූ පඩි ගැටී යටි පතුලම               දනවා
                                    ඉර ලං ලං වෙලා දාහෙන් බැට          දෙනවා
                                    කන්දේ වැඩ ඉන්න දෙයියෝ දිරි       දෙනවා
                                    කරුණා කරන ඇත්තෝ ඉස්සර        වෙනවා

                                    ලන්දේ දුවන පොඩි උන් මවු        නළවනවා
                                    ගින්නේ හිටන් උන්ගේ බඩ           පුරවනවා
                                    ඝණ්ඨා හඬට දෙපයත් ඉක්මන්        වෙනවා
                                    මං එනතුරා කඩයේ ලිප             ලතවෙනවා


7 comments:

Kalpa Senanayake said...

හිරුට කලින් සඳු සිරිපා නමදිනවා..
අපි ඇහැරෙන්න පෙර දෙවියන් ඇහැරෙනවා..
කොයි බර උනත් සකිසඳ අපි උහුලනවා..
වීරිය දහිරිය අපෙ තටු යුග්මය වෙනවා..

සයුරි said...

අර පුංචි පුංචි කඩ ගැනද මේ තියෙන්නේ?

Rasika Kariyawasam said...

@Kalpa Senanayake
හෙට දින මේ නිල් අහසයි
පොඩි උන් සමනල රෑනයි

@සයුරි
ඒ කඩ වලට දර දිය අදින මිනිසුන් ගැන

dulshan nawarathne said...

ජීවිතය ගැටගහන්න සිරිපා කරුණා කරන මිනිසුන් ගැන ලස්සන කවියක්..

හසිතා said...

වෙනදා වගේ ම විශිෂ්ටයි..
දන්නවද මට මතක් වුණේ මොකක් ද කියලා??
“බොරලු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවා ගන්න...“ සිංදුව.
දුංහිඳ ඇල්ල ළඟ පුංචි කඩවල්වල ජීවිතේ ගැටගහගන්න මිනිස්සු ගැන කියවෙන ගීතයක්..
දීපිකා ප්‍රියදර්ශනීට ඒ පද රචනාව ලැබුණෙ අප්‍රසිද්ධ පද රචකයෙක්ගෙන්ලු. රසික, ඔයා වගේ කෙනෙක් වෙන්න ඇති.. ‍:)

Rasika Kariyawasam said...

@ dulshan nawarathne
බොහොම ස්තුතියි !

@ හසිතා
ඇගයුමට තුති ! මිහිරි ගීයක දුක්බර පසුබිම.

Buddhika Mawella said...

මේ කවි ටික නම් පංකාදුයි..

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...