Sunday, November 2, 2014

අහිමි

image-from

හාත්පස ඝන අඳුර වපුරා
වැටෙන වැහි කාලයක් තිස්සේ
දරා ගන්නට නොහැකි මොහොතේ
ගලා යන ලෙස ඉවුරු බිඳගෙන
ළයේ මා හිස හොවා කඳුළින්
දොවාලයි හදවත රිදුම් දෙන

ඉතාමත් දුර ඈත අහසට
යොමා දෑසම බලාගෙන නුඹ
හිඳිද්දී සිර ගත විලාසෙන්
කිරිල්ලියෙ කෙලෙසක දරන්නද

නුඹේ ප්‍රේමය දරා ගන්නට
මගේ හදවත කුඩා වැඩි බව
පසක් කළ  ගෙවුණු කාලය
අතරමග මඟ හැරුණු ආලය


පසුබිම : අග පිපි මල් නවකතාව (සුමිත්‍රා රාහුබද්ධ ), එහිම නාට්‍ය තේමා ගීතය

2 comments:

තිස්ස දොඩන්ගොඩ said...

"නුඹේ ප්‍රේමය දරා ගන්නට - මගේ හදවත කුඩා වැඩි බව"
ම්ම්ම්... ඒතරම් විසාල ආදරයක්... මගෑරෙන්න දෙන්න එපා.... කවදාවත් ප්‍රමාද නෑ ආපසු හැරෙන්න!

හසිතා said...

හුඟ කාලෙකින් විකසිතට ආවෙ. සන්තෝසයි. තාමත් අමතක නැති එකට

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...