skip to main |
skip to sidebar
උදේ හය හමාරට හතරට හවස
හොඳට නින්ද යන වෙලාවල් දෙකට
එන්ජිම සද්ද කර ගව් ගානක් දුරට
එනවා නළා පිඹගෙන කන්නට දෙන්ට
බයිසිකලේ පැද එන අයියට වැඩිය
රෝස් පාං රුපියල් දෙකකුත් වැඩිය
අනිත් ඒව ඒ හැටි වෙනසක් නැතිය
පෙට්රල් ගනං හින්දා වන්නට ඇතිය
මේවා කියන්නේ තරහට නොවෙ හරිය
උඹෙ අත වීරියෙන් පවුලක් ගොඩ ඇතිය
කට කහනවට කිව්වට මේ සිව් පදය
බේකරියක් ගන්ට උඹටත් කල් ඇතිය
මේ මිටියාවත මැද තනියේ
ගල් බංකුව ඔබ මඳ පවනේ
සඟවාගෙන අපි ගැන මතකේ
සිටිනා හැටි නිහඬව දුකසේ
පුළුලුකුළේ සුවබර යහනේ
සැතපූ සිනහව හද රැව්දේ
සඳ එළිය වැහෙන්නට ඇයගේ
කෙහෙ රැල්ල මිදූ හැටි සිහිවේ
ගල් බංකුව උඩ තුරු සෙවණේ
තනි වෙන්නට සඳ නැඟ එන්න ...
හදට ළඟින් ළය මඬලේ
හිස තියාන සැන්දෑ අඳුරේ
ඉකි බින්ඳ හඬේ අනුනාදේ
මට තාම ඇසේ හද ගැස්මේ
ගල් බංකුව උඩ තුරු සෙවණේ
තනි වෙන්නට සඳ නැඟ එන්න ...
පමා වී අවදිව
කලියෙන් රතු ඉරට
හති වැටී හනිකට
හැල්මෙ දිව යන මඟට
රුදු සපුන් මුව සාවුන්ට
දිලිසෙන දෑස් මානන
සුසුමත් ඇසෙන තරමට
නිහඬ දඩ බිමට
සසර හුරුවට හමුව
දොඩමළු වු දෑසක
අනිමිසය බිඳිමින්
අමතක වු වටපිටාවට
පැද්දි පැද්දී හෙමිහිට
නටුවෙන් ගිලිහිලා සුළඟට
ඔච්චමට වාගේ වැටෙන
වේලිච්ච කොළ