Saturday, September 3, 2011

ඔච්චමට

source

පමා වී අවදිව
කලියෙන් රතු ඉරට
හති වැටී හනිකට
හැල්මෙ දිව යන මඟට

රුදු සපුන් මුව සාවුන්ට
දිලිසෙන දෑස් මානන
සුසුමත් ඇසෙන තරමට
නිහඬ දඩ බිමට

සසර හුරුවට හමුව
දොඩමළු වු දෑසක
අනිමිසය බිඳිමින්
අමතක වු වටපිටාවට

පැද්දි පැද්දී හෙමිහිට
නටුවෙන් ගිලිහිලා සුළඟට
ඔච්චමට වාගේ වැටෙන
වේලිච්ච කොළ

2 comments:

ඉන්දික said...

ලස්සනයි!

Rasika Kariyawasam said...

ස්තුතියි !

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...