![]() |
image-from |
තෙවන වරටත් සීනුව වීය නාද
අඳුර පැතිරී නිම වීය ගුමු නාද
දරුවෙක් පුංචි හදවත් පෙමින් හාද
තාමත් නඟයි සිනා කෙඳිරිලි නාද
සබඳ ඔබ සූදානම්ද
පාවා දෙන්න නුඹගේ
ආත්මීය චරිතය
පියර ලූ උන් සූදානම්ය
සොඳුරු වධයක හොවා
රිදවන්න සුවදෙන්න
තිරය හැරෙයි
නිරුවත් වෙදිකාව මත
රංගය මැවෙයි
ඉදින් අපටම අපි
සිනා ගලින් ගසා කඳුළු හියෙන් අනිමු
සුසුම් වලින් තවා නුරා බැළුම් හෙලමු
දෙබස් කගෙන් කොටා රිදෙනවාද බලමු
වේදනාව මුදා අපි වේදිකාවෙ තියමු