Friday, April 29, 2011

වැස්ස


source

                                        වසා ගෙන අඳුරින් හාත්පස  අන් දසුනකට ඉඩ නොදී
                                        නිමා කර නිස්කලංකය දෙසවන් පුරා ගිගුමන් දිදී
                                        පිපෙයි හිරිගඩු  සුළං රැල්ලෙන් මුසුව ඇති සීතල පිනී
                                        මවා මේ සා විසල් පෙරළී මහා වැස්සක් ඇරඹිනී


                                        වෙලා සියොළඟ ඔබේ දහරින් මවා සැඩ විදුලිය එළි
                                        වසා මාවත නොදී අවසර අහස පානා  දිය කෙලී
                                        ඇතත් යන්නට දුරක් මෙතුවක්  මගේ පියමන් වෙවී
                                        බලා යන්නට වටී නැවතී දුරයි  මඟ වෙහෙස වී


වැව

source


පිරී වැස්සෙන් 
වතුර
ඉතිරිලා යන 
වැව

පිරී ඔබ ගැන
මතක  
සිඳී ගිය මේ 
හිත 

Sunday, April 24, 2011

තරු


source

රෑ අහස් කුස 
තරුත් පරදී
දිස්නයෙන් ඔබෙ 
අබරණා

රඟන රැඟුමින් 
නොවන්නට මත් 
නැහැ කිසිත් මට 
කාරණා

උනුන් පරයා
නැගෙන්නට දරනා
මහත් වූ
වෙහෙසිනා

ගයන ඔබගෙන් 
සිතක සුවයක් 
යදිනු නහැ 
සාදාරණා 

කරනු මා
මුසපත් තවත් 
නොම වේ සැපක් 
ඒ හා සමා

පායනා රෑ 
අහස යට 
ගනනින් දහස්
ගී තාරකා


Related Posts Plugin for WordPress, Blogger...