skip to main |
skip to sidebar
තරුත් නිදී නැතිමුත් තව ලොව ඇහැරී
ගියත් මිදී කැදැල්ල විහඟුන් නොවෙතී
තැනක් නැතී හෙට කොතැනද කිව නොහැකී
සොයා ඇදී යයි දිවි රකිනා කාසී
හිරුද නැඟී පෙලුවත් ගත දවා නිතී
නොහැක මිදී යන්නට ඉන් තව රැකෙතී
ළයම පිරී දූවිලි දුම් රොටු කැරළී
ගැහෙන රිදී ළය තුළ හද නැහැ කිලිටී
දියෙන් තෙමී ගත දහඩිය මුගුරු නැගී
පසත් පෙඟී ඒ දහඩිය සුවඳ දෙතී
වැසිත් වැටී තෙමුවත් ගත හරස් වෙවී
සඳත් නැඟී කුසගින්නට රැයක් නැතී
අක්කෙ අක්කෙ මේ බලන්න
වත්තෙ පිරුණු වතුර ගොන්න
සුදු පෙණ කැටි ගොඩක් වගේ
පීල්ල පාමුල බලන්න
මල්ලි මල්ලි මෙහෙට එන්න
යන්න එපා දැන් තෙමෙන්න
අම්ම කිව්ව මතක නැද්ද
ගනීවි උණ රෑට ඔන්න
හුළඟේ හෝ හඬ අහන්න
ගස් ඇඹරෙන හැටි බලන්න
හිරිකඩ ඉස්තොප්පුවේ
ඇඳපු රටා හැඩයි නේද
වැස්සත් වැඩි කරලා දැන්
අකුණු ගහන හැටි බලන්න
හනිකට ගේ තුළට එන්න
නැතිනම් මං යනව යන්න
අක්කෙ අක්කෙ ඔහොම ඉන්න
මාත් එනව බයයි ඉන්න
සුදු කරදහි බෝට්ටුවත්
වතුර පිරී ගිලෙයි අන්න
රෑ ... අඳුරෙම
මා ... තනිවම
සමුදෙනවා
මා ඉපදුණු
නුවරට
මේ ... දුම් රිය
මා ... හා ඇය
ආදරයේ
ඔටුනු පලන්
රජ ගෙය
සී ... තල සඳ
මා ... තුරුලට
එන්නට අද
කබාය ඇත
ඉතිරිව
ලා ... අරුණට
ගී ... කියමින
හිරි පොද යට
අප ගිය පා
පුවරුව
සෝ ... ගින්දර
මා ... රිදවන
කැලණි ගඟට
නිවා ලන්න
හැකි වෙද