Friday, August 24, 2012

දෙක

image-from


රාමුවට පින්තූර ගැනීම
පින්තූර රාමු කිරීම
රාමු කළ පින්තූර ගැනීම
පින්තූර ගැනීම
හා
රාමු කිරීම

Wednesday, August 22, 2012

බලාපොරොත්තු

image-from

                                                          මවුගෙ කිරි දරුවන්ට    වෙච්චී
                                                          ඇයිද එහෙනම් මේ       තහංචී

Sunday, August 19, 2012

සිහිනය

image-from

බලාපොරොත්තුවෙ සඳ මත
බරක් නොදැනෙන සිතක් ඇවිදින
නින්ද ලඟ නැති මොහොතක
පියවි නෙතදර ඇඳෙන සිහිනය

බලා ඉන්නේ කොහෙදැයි
බලා ඉන්නේ කවුදැයි
සිනාසෙන්නේ ඇයිදැයි 
උත්තර නොදත් සිහිනය

ආදරණීය විදිහට
ලද ජීවිතය දිස්වන
දුකත් ඉකි ගස්සන
මගේ සිහිනය ලස්සන

කොහොම හොරු ගන්නද
මගෙන් හංගන්නද
ගෙට අරං නැහැ මං 
මගේ ප්‍රීතිය මගේ සිහිනය

Related Posts Plugin for WordPress, Blogger...