Thursday, July 14, 2011

සංසිඳීම

source

මැදින් කතරෙක 
දුකින් යන විට
නොසිතු ලෙස කෙම් 
බිමක් හමු විණ

වැඩුණු සරුවට 
මහා වෘක්ෂෙකි
අතට නුදුරින් 
පැසුණු ඵලයෙකි

පිරූ මුත් කුස
යන්ට හිත නැත
ඉහල අත්තක 
ඉදුණු ඵල දැක

බොජුන් දිවමන් 
සදිසි ඒ ඵල
නැඟී තුරු මත 
බැලීයෙමි රස

පෙනේ අත්තක 
අගට වන්නට 
බැඳුණු මීයක්
රසය වෑහෙන

විසැති මී මැසි 
සෙනඟ ගැවසෙන
නොසවි අතු අග
කරමි තරණය ?

`මම නැවතී සිටිමි. ඔබත් නවතින්න`
~ බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාලට

2 comments:

Madhura said...

Sira....

Rasika Kariyawasam said...

Thanx .. !

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...