Friday, November 4, 2011

සබඳ සරසවිය



නිදහසේ ඉගිලෙන්න 
බර උනත් තටු දුන්න
බෝ දේ කියා දුන්න
සොඳුරු සරසවි වරම

දැනුම මිණි පහනක්ය
මිතුරුකම් සවියක්ය
දහඩියම සුවඳක්ය
ඔබ කියා දුන් සත්‍ය

ගී කීව අප නැටුව
දෝතින්ම හඬ තැලුව
මිහිර හද රස ගෑව
නැතුවාට සෘති තාල

ජය ගොසම රැව් දුන්න
උරෙනුර හැපී ගැටුන
කෙළි මඬල තනි වෙයිද
සෙල්ලමට අප නැතිව

සුදුද කළු අළු චරිත
අඩු වැඩිව අප තුළම
වෙසෙනයුරු පසක් කළ
අපූරුම රඟ මඩල

උදෑසන අරුණැල්ල
විඩාබර සැඩ අව්ව
සඳේ මුදු හසරැල්ල
ඔබ සමඟ මා වින්ද

සබඳ මා සරසවිය
බසින මේ හිරු එළිය
මට කියන පණිවිඩය
සමුගැන්ම ළඟ බවය

12 comments:

මතකයි මට said...

සබඳ,

ඇස් වලට කඳුළු ගලන කවි ලියන්න ඔබට අයිතියක් නැත...සැබැවින්ම හදවත මොහොතටකට නිසල විය...

~මතකයි මට~

Deeps said...

ඔබ පේරාදෙණියේද? මොරටුවේද? කොහේ වුනත් කවි පද නම් උපරිමයි!

Rasika Kariyawasam said...

@මතකයි මට
සොඳුරු මතක අවදිව ඇති හැඩයි ...

@Deepika Priyadarshani
මොරටුවෙ මි. බොහොම ස්තුතියි !

Dinesh said...

ලස්සන කවි පෙලක්.. හරිම අපූරුයි..

Rasika Kariyawasam said...

ඇගයුමට තුති !!

හසිතා said...

අනේ, ඉතින් අපි සමු අරන් ඉවරයි නෙ..! ඒත් මේ කවි සිහි කරන්නේ ඒ ලස්සන මතකයයි..
මම "මතකයි මට" සමඟ එකඟ වෙමි.. හදවත සසල වන කවි ලියා අප ඇඬවීමට ඔබට අයිතියක් නැත..

Rasika Kariyawasam said...

@හසිතා
ලස්සන මතක සිහිකර හඬනු කිම සිනාසෙනු මිස :)

ඔබ නොදු‍ටු ලොවක්..... said...

මොර‍ටුවේනං වෙන්න බෑ..

සයුරි said...

මේ සුමනදාස බිල්ඩිම නේද? නිකමට අහන්නේ..රසික මොන ඩෙප්ට් එකේද?

අගෙයි කවි ටික...

Rasika Kariyawasam said...

@ ඔබ නොදු‍ටු ලොවක්.....
:O ඒ මොකද ?

@ සයුරි
ඔව් :) CSE
බොහොම ස්තුතියි !
සයුරිත් මොරටුවෙ වගේ

සයුරි said...

නියමයි...
ඔව් ඔව් මොරටුවේ විතරක් නෙමේ..මමත් CSE :)

Rasika Kariyawasam said...

හරිම සතුටුයි :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...