Saturday, December 10, 2011

ගිනි

                                                 
                                                        ක්‍රෝධය ඉපිද සිත හා ගත          දැවූවේ
                                                        ප්‍රේමය වැඩූවක අනියත        සොබාවේ
                                                        කාලය ගෙවී යයි කෝපය         තුනීවේ
                                                        සෝකය ඉතිරි කර සිත්        වේදනාවේ

                                                        ගේකය සැදූ තණ්හා අප             විසූවේ
                                                        වාසය දුකම පමණයි නිති       ගෙනාවේ
                                                        රාගය මියුරු ඵලයයි රති           වගාවේ
                                                        මාරය දියණි හමුවේ අප           මුලාවේ

                                                       මාගෙය කියා නැතිමුත් කිසි     ගෙනාවේ
                                                       මාමය කියා සිතමින් අප            උදම්වේ
                                                       ලෝකය බෙදුණු දා නිරයත්      සිනාවේ
                                                       මානය සිඳුණු දා සාමය              උදාවේ


අදහස : ධම්මපදය ඇසුරින්
ස්තුතිය : ප්‍රස්තුතය ලෙස ජායාරූපය ලබා දුන් හසිතා සොයුරියට

8 comments:

හසිතා said...

මම හිතුවෙ දැන් ඒ පින්තූර ටික අමතක වෙලා ඇති කියලා. සතුටුයි.. ලස්සනයි.. ඒ වගේ ම ඇත්ත.
ඒත් මේ වගේ කවියක් ලියයි කියලා නම් හිතුනෙ නෑ. :)

Rasika Kariyawasam said...

ස්තුතියි ! ඔව්, පින්තූරය තුල නොයෙක් අදහස් තියෙනව.

Dinesh said...

මේ පින්තූරෙ දැක්කම තේරෙන්නේ තේරුමක් නැති ක්‍රියාවක් විදිහට.. ඒත් ඒ මනුස්සගේ හිතේ ශක්තිය හොදින්ම පේනවා...

Rasika Kariyawasam said...

එකඟයි ! පින්තූරය ගෙන එන ප්‍රමුඛ පණිවුඩය එවැන්න්නක්. නමුත් මා විමසූයේ ඉන් පිළිබිඹු වෙන ක්‍රෝධය, තණ්හාව හා මානය හමුවේ සාමය නැසෙන ආකාරයයි.

සයුරි said...

තණ්හා කැණි මඩල දෙදරා වැටෙන්නයි
මානය සිඳී සාමය රජ කරන්නයි
මෝහෙන් මිදී තුන් සිත සිල් රකින්නයි
නිරයට නොදී නිවනට පණ පුදන්නයි...

මේ කවි බොහොම වටි....

හසිතා said...

@Dinesh හොඳට බලන්න.. යුද්ධ ටැංකියට පහර දෙන්නෙ පොඩි ළමෙක්. එයාගෙ තේරුමක් නැති උත්සාහය ගැනත් ඒ ළමයව ඔය තත්ත්වෙට පත් කරපු සමාජය ගැනත් කතා කරන්න පුලුවන්. (පින්තූරයෙන් පෙන්නන්නෙ පලස්තීන-ඊශ්‍රායල් යුද බිමක්.)

Rasika Kariyawasam said...

@ සයුරි
මේ තුති මල් තව අදහස් පිපෙන්නයි

@ හසිතා
පින්තූරයේ පසුබිම කීවාට තුති
විවිධ පැතිකඩ එහි ඇති හැටි

අසරණයා said...

යුද්ධය අපිව පස්සට ඇදල දමාපු යුද්ධය අයෙත් එපා !!

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...