Thursday, December 22, 2011

පෙම් මුල්ල


image-from

වැහි පොද එක එක වැටිලා
වීදුරු කවුළුව වැසිලා
ඈ මා දෑසට එබිලා
මා හද ප්‍රේමෙන් තෙමිලා

නිල් ඇස් වල ඇඳි කවිය
කියවන්නට හිත මදිය
කෝමල රස පෙම් පැදිය
ගයනා තොල් පෙති හැඩය

මා අත්ලේ සැරි සැරිය
ඈ අතැඟිලි හරි මුදුය
ඉහිරෙන වැහි බිඳු දඟය
ඈ සිප ගන්නට පොරය

මා සියුමැලි සඳවතිය
තුරුලේ දැන් සුව නිදිය
මේ මඟ වෙනදා දුරය
ඇයි අද මේ කලබලය

13 comments:

සයුරි said...

මේ මඟ වෙනදා දුරය
ඇයි අද මේ කලබලය :)) මේකනම් ඇත්ත තමා....:)

Dinesh said...

අන්තිම පේලි දෙක මට තේරුනේ නෑනේ...

හසිතා said...

@Dinesh, මං හිතන්නෙ.. වෙනදට දුර පාරෙ අද කලබලෙන් වාහනෙ යන නිසා ඉක්මනට පෙම්වතියගෙන් වෙන්වෙන්න වෙයි කියල කවියා අකමැත්තෙන් ඉන්නෙ.
(Is that d meaning Rasika?)

සයුරි said...

@ හසිතා : මම හිතුවේ මෙහෙමයි...

තනියම යනකොට ඕනම කෙනෙක්ට දැනෙන්නේ ගමන දුරයි කියලා...පෙම්වතිය එක්ක යනකොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ...බස් එක වෙනදට වඩා ඉක්මනින්, කලබලෙන් යනවා කියල තමයි දැනෙන්නේ (ඇත්තටම එහෙම නොවුනත්)...:)

Rasika Kariyawasam said...

@Sayuri: ෂහ් හරි අපූරු විවරණය !!

@Dinesh: ඔය කට්ටිය කියන්නෙ :D

@හසිතා: ව්‍යංගය මඟහැර ඇති හැඩයි :)

මතකයි මට said...

කවුළුව පින්නෙන් බොඳය
මුළු ලොව නිදනා හැඩය
හිරිගඩු මල් විකසිතය
ඇත ශෘංගාරෙක රසය...

(අදහස සැර වැඩි නම් සමාවුව මැනවි)

Rasika Kariyawasam said...

යන එන බස් රථය
නෙතු දහසක් වටය :D

මතකයි මට said...

හ්ම්ම්ම්...ඒක තමයි මං කියන්න උත්සහ කලේ "මුළු ලොව නිදනා හැඩය" කියල...ඒ ඒ අය තම තමන්ගෙ වැඩනෙ...අනික අනිත් අය ඇත්තටම නිදි...අත්දැකීමෙන් කියන්නෙ... (:දිව දොට්ට)

Rasika Kariyawasam said...

නියමයි :|

අසරණයා said...

යාළුවා ලස්සනයි කවි ටික.සොඳුරු අවස්ථාවල් ගෙවෙන්නේ නිමේෂයෙන්

Rasika Kariyawasam said...

බොහොම ස්තුතියි මිතුර :)

Buddhika Mawella said...

මේකේ නම් බොක්ක meaning එකක් තියෙනවා.

රතීගේ දිනපොත said...

ඇත්ත තමා කෙල්ල එක්ක යද්දි ගමනාන්තෙට ආවම ආයෙත් දමලා ගහලා ඒ පාරෙම අනිත් බස් එකේ ගිහින් එන්න හිතෙනවා

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...