![]() |
image-from |
දහඩියෙන් ලෙයින් වේදනාවෙන්
සිරවෙලා තිබුණු එක පොදියට
පීඩනය පිපිරවූ ඒ ස්වරය
දුක මුදා හල මියුරු උරුවම
නුඹේ උරුවම් හඬට
හුරේ දැමු අත්පුඩි ගැසූ අය
කළත් බෝ ඉහළට
දිවිමඟ හිණිමගෙහි තරණය
තාම නුඹ මෙතනය
උර දෙමින් උරුවමින් පාමුල
ඉහළ සිට පහළ බලමින් ඔවුන්
කියන්නේ නොහොබිනා බව විසිල්
ඔවුන් දෙසවන රාව නොදෙන්නේ මන්ද
ඔවුන් එහි ගෙන ආ උරුවමෙහි නාද
තරණය නොවේ කාරිය
රැඳී ඉන්නා එක අමාරුය
හරිම අවදානම් හිණිමඟේ ඉහළ පඩි
නුඹේ උරුවම් හඬින් ලිස්සාවි මගේ අඩි
ඉදින් දෙසවන් වසමි
පිළිකුල්ය මට විසිල්
අදහස : whistleblower