Sunday, March 4, 2012

අහසට

image-from

දුර ඈතට එක යායට
හුදෙකලාව ළඟ තනියට

නිදිගත් පියවුණු දෑසට
අඳුර අමුත්තෙක් නූනට
ඇසේ සුළඟ මුමුණන හඬ
දැනේ සිසිල වැහි කෝඩෙක

බිංදු බිංදු ආකාසෙන් 
ඇහි පිය මත පොද වැටෙන්න
හමනා සීතල සුළඟින්
මැලවුණු සිත කූද්දන්න

මෙතුවක් කොපුලේ වියලුණු
කඳුලැලි සේදී යන්නට
පිපිරී රතු උන තොල් පට
දියෙන් තෙමා රිද්දන්නට

තණ පලසේ හිස තියාන
මං ඉන්නම් ඔබ එනකන්
බලාපොරොත්තුවේ වැස්ස
දෑස තෙමන් දැන් වහින්න


4 comments:

amila chathuranga said...

වැදගත් කවි දෙපදයකි..

හසිතා said...

හැමෝම ඉන්නෙ බලාපොරොත්තුවෙ දෑස් දල්වාගෙන තමා.. ලස්සන නිර්මාණයක්!

සයුරි said...

අද හෙටම ඒ වැස්ස වහිනවානම් හොඳයි...

Rasika Kariyawasam said...

@ amila chathuranga
බොහොම ස්තුතියි !
@ හසිතා
හැමෝම කියන්නත් බැහැ නේද. ඇගයුමට තුති !
@ සයුරි
ඔව්. කුසීත සිත් අවදි කරන්න.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...