Tuesday, April 10, 2012

සළු අතර


image-from

දෑත දැවටෙන සිනිඳු සේල
ඇතිරු ලෝකයක් ගැන පේන
හීන හිරිමල් සොඳුරු බෝම
තැවරු ඇඟලුමින් නිමි පාට

ගැලපෙනම සළුව තෝරන්න
සමත් දිලිසෙන යොවුන් දෑස
නොදත් දේ රැසයි තෝරන්න
ටිකයි දැක ඇත්තෙ තව බෝම

ගෙදර ගෙනියන්න අවුරුද්ද
සළු අතර නිදි වරයි රෑද
කතා දුක්බර හිතේ බෝම
තියාගෙන හිනා වෙනවාද

7 comments:

ඉන්ද්‍රජිත් said...

ඒල..

Rasika Kariyawasam said...

@ වර්ෂා..
thanx !

@ ඉන්ද්‍රජිත්
තුති !

හසිතා said...

ළමයත් shopping ගිහින් වගෙයි.. කොහොම උනත් කතාව ඇත්ත!
'නොදත් දේ රැසයි තෝරන්න
ටිකයි දැක ඇත්තෙ තව බෝම'

Rasika Kariyawasam said...

එහෙනං :D ස්තුතියි !

අසරණයා said...

හපෝ ෂිපින්....

කවිටික ලස්සනයි.

දයානන්ද රත්නායක said...

හරිම අපූරු කවි ඇසකින් අපේම සොහොයුරියන්ගෙ කඳුලු කතාව කවියෙන් සිත්තම් කරල තියෙනවා.

මේ කවියේ අදසහම කපුගේ ගීයකින් කිව්වා " වැරහැලි ඇඳන් අඩු කුලියට සලු මසන කුමාරී" කියල මට ඒක මතක්වෙනවා. ඔන්න මමත් අද ඉඳල මේ පැත්තේ එනවා

Rasika Kariyawasam said...

@ අසරණයා
බොහොම ස්තුතියි !

@ දයානන්ද රත්නායක
බොහොම ස්තුතියි !
සළු මසන සොයුරියන් වගේම නිමි ඇඳුම් අලෙවි කරන සොයුර සොයුරියනුත් උත්සව සමයේ බොහොම දුෂ්කර සේවා කාලයක් ගෙවන්නෙ.
සාදරයෙන් පිළිගන්නවා !

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...