Sunday, August 19, 2012

සිහිනය

image-from

බලාපොරොත්තුවෙ සඳ මත
බරක් නොදැනෙන සිතක් ඇවිදින
නින්ද ලඟ නැති මොහොතක
පියවි නෙතදර ඇඳෙන සිහිනය

බලා ඉන්නේ කොහෙදැයි
බලා ඉන්නේ කවුදැයි
සිනාසෙන්නේ ඇයිදැයි 
උත්තර නොදත් සිහිනය

ආදරණීය විදිහට
ලද ජීවිතය දිස්වන
දුකත් ඉකි ගස්සන
මගේ සිහිනය ලස්සන

කොහොම හොරු ගන්නද
මගෙන් හංගන්නද
ගෙට අරං නැහැ මං 
මගේ ප්‍රීතිය මගේ සිහිනය

7 comments:

නරුමයා said...

නියම පද ගැලපීම

Rasika Kariyawasam said...

බොහොම තුති !

ඉන්ද්‍රජිත් said...

එල...

ධමිමික ස‍‍දරුවන් said...

ගොඩක් ලස්සනයි.....

Rasika Kariyawasam said...

බොහොම ස්තුතියි මිතුරනි !!

දයානන්ද රත්නායක said...

රසිකගේ මේකවි ඉතාමත් අපූරුවට ලියනවා. මේ කවි 50 - 60 කි විතර එකතු කරලා ජාතික පුස්තකාලසේවා පොත් ව්‍යාපෘතියට ඉදිරිපත් කළා නම් පොතක් කරන්න තිබුනා

Rasika Kariyawasam said...

තුති ඇගයුමට ! තොරතුරක් බොහොම වටින තුති යලිත්.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...