![]() |
image-from |
නිහඬ බව ඇහෙනවා හුදෙකලා අඳුරින්
සුසුම් දැන් නිවනවා කඳුළු බිඳු නෙතඟින්
පිටුපෑව මා හා තනිය දැන් තරහයි
නිතර තරහද ඇසූ නුඹ නිසා හුරතල්
හිත හිස්ම මොහොතේ සුළඟින්ද ගැස්සෙයි
හිස් කමත් නුඹ වගේ හිතක් කළ ස්ටෙන්සිල්
මගෙ හිතම දොඩවයි නුඹෙ හඬම රැවුදෙයි
සිහින සිත රවටයි තටුවකින් සමනල්