Saturday, September 8, 2012

චියර් එක

image-from

ශක්තිය ජවය ගැටෙනා
සිනහව කඳුළ සරනා
ඔල්වර සද්දෙ නැඟෙනා
පිටියම නුඹට ඇරුණා

ගිනියම් ගතෙහි දිලෙනා දහඩියෙන් 
උණුසුම් පැතුම් එළිවේ වීරියෙන්
අවු වැසි උනත් පරදී ලඟ දනින් 
ජවයට ගැටෙන පිටියේ උරෙනුරින් 

කඳු හෙල් පිරුණු ගමනේ ඔය නෙතින් 
උණුසුම් කඳුළු සඟවා හිනැහියන් 
දවසක් එනව සත්තයි දිරි ගනින් 
ජය ටැඹ ළඟදි කඳුළට ඉඩ දියන්

ජයග්‍රහණයක සිහින දකින සියලුම ක්‍රීඩකයන්ට

2 comments:

ඉන්ද්‍රජිත් said...

පසු බසිනු එපා
…නවතන්න එපා
…ක්‍රීඩාවේ ජීවය රැදෙන්නේ එතනයි....

Rasika Kariyawasam said...

එකඟයි !

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...