Sunday, September 9, 2012

අවසන් වසර

image-from

මට ඇහෙන එකම හඬ
සර සර වැස්ස වැටෙන හඬ
නුඹ සිනා සලන හඬ
මා හා කතා කරන හඬ

තුරු ලතා මඬුලු යට 
අපටත් ඉඩක් තියාගෙන
මේ වගේ වැස්ස වට 
ඉස්සර මහේ බිනර දින

නුහුරු එදා මට 
නුඹගේ ගමන හෙමින් යන
නිය තුඩින් අනින කොට
පමාව ගැන මට බැන බැන

කුඩේ අරන් මම 
බෝඩිම ගාවට එන්නද 
වැටිලා ඇති වැස්සට
එනවද මල් ඇහිඳින්නට

9 comments:

ඉන්ද්‍රජිත් said...

එල...

නරුමයා said...

නොහැකිය මල් ඇහිදින්නට
හැකිනම් මල් කඩමුද

නියමායි.....

Mee Godayaa said...

අතීත මතකයක් අහුලගෙන.... ලස්සනයි

Rasika Kariyawasam said...

@ ඉන්ද්‍රජිත්
තුති !

@ නරුමයා
:D ස්තුතියි !

@ Mee Godayaa
ස්තුතියි !

හසිතා said...

සරසවිය සිහි කළාට ස්තූතියි...
පද වැල නම් අපූරුයි! සත්‍ය අත්දැකීමක් ද දන්නෙ නෑ... ;)

Rasika Kariyawasam said...

බොහොම තුති ! කාගෙ හරි සත්‍ය අත්දැකීමක් වෙන්නත් ඇති :D

Loku John said...

මල් ඇහිදින්න ඒකනම් නියම යෙදුමක් ...
…අදමයි මේ පැත්තට ආවේ


..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

Rasika Kariyawasam said...

බොහොම ස්තුතියි !
සාදරයෙන් පිළිගනිමි :)

Udara Liyanage said...

කුඩේ අරන් මම
බෝඩිම ගාවට එන්නද
වැටිලා ඇති වැස්සට
එනවද මල් ඇහිඳින්නට

this is my favorite part.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...