Friday, October 12, 2012

කඳවුර

image-from

දුමාරේ 
අඳුරුයි දැන් බෝම 
මේ ජීවිතේ 
අවාරේ 
හුරු වෙච්ච පුරුදූ 
නිස්කාරනේ

රිදුම් දේ
සුසුම් බර වැඩි වී 
පිරි මා ළයේ
පෙනෙන්නේ
කඳුළු බිඳු දෑසේ 
අම්මේ නුඹේ

පිපෙන්නේ 
කවදාද ආයේ 
මල් මාවතේ
දවන්නේ 
නෑමයි ආවොතින් 
යළි වසන්තේ


6 comments:

සයුරි said...

හ්ම්ම්...වසන්තේ එන්නේ එක පාරයිලු..

හසිතා said...

අවසාන පද කොටස හරි ම ප්‍රබල යි... අගෙයි!

ධමිමික ස‍‍දරුවන් said...

ඔය ලියන රටාව කියන විශේෂ නමක් තියෙනවද?

නිර්මාණය ලස්සනයි ඈ..

ඉන්ද්‍රජිත් said...

නියමයි....

අළුත් මල්ලි : Shan Dissanayake said...

අපූරු කවි පෙළක්...

Rasika Kariyawasam said...

@ සයුරි
ඒ එක අවුරුද්දකට ලු :)

@ හසිතා
අධිශ්ඨානශීලි බලාපොරොත්තුවක තරම වෙන්න ඇති.බොහොම ස්තුතියි!

@ ධමිමික ස‍‍දරුවන්
එහෙම නම් නොදනිමි. මුල් දෙපදය මිමිණුනා ඉතුරුවා ඒ අනුසාරයෙන් නිර්මාණය කළා.

@ ඉන්ද්‍රජිත්
තුති බොහොම !

@ අළුත් මල්ලි
බොහොම ස්තුතියි !

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...