![]() |
image-from |
සතුටට හිනැහෙන
දුකට හඬන
කෝපයට රවන
අවංක ඔහු
ඔය හැම දැනෙන
අවස්ථාවට අනුව
හිතන මතන
රඟන මම
දැනුම හා අවබෝධය
ගෙත්තම් කළ කබාය
පොරවාන මම
රැවටීමෙන් රැකෙන
අඩුලුහුඬුකම් හිඟ
මහඟු මිනිසා මි මම
හිනැහෙන අඬන රවන
කබායක් අහිමි ඔහු
සත්‍යයේ දාහයට
නැඟෙන දහඩියව
හෘද සාක්ෂියට
පිටවෙන්න නොදෙන
කබායක් හිමි මම